මත්ද්‍රව්‍ය විකිණු ඇමරිකානුවා අල්ලයි



කුවේටයේ රැඳී සිටින ඇමරිකානු හමුදාව සමඟ සේවය කළ ඇමරිකානු ජාතිකයෙක් (සිවිල්) මත්ද්‍රව්‍ය විකිණීමේ චෝදනාව මතකුවේට් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පාසල් දරුවන් (පිරිමි/ගැහැණු ) ඉලක්ක කරගනිමින් සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට ඇමරිකානුවාට චෝදනා ඉල්ල වී ඇත.

කුවේටයට පැමිණෙන, රැදී සිටින විදේශිකයන් සහ කුවේටයේ ඇති විදේශ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යයාවන්වන්ද මොහුගේ ගොදුරක් බවට පත් වී තිබු බව සඳහන් වේ.  

කුවේට් ඩිනාර් මිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය, කුවේට් සහ විදේශ මුදල් නෝට්ටු, රත්‍රං මාල, ඉහළ වටිනාකමකින් යුත් අත්-ඔර්ලෝසු සහ තවත් වටිනා දේවල් මොහු සතුව තිබී සොයාගැනීමට කුවේට් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS