මත්ද්‍රව්‍ය රැගෙන ගිය 6 අල්ලයි



කුවේටයට කංසා සහ ඇම්ෆෙටමින් පෙති රැගෙන යෑමට පිරිසක් උත්සාහ කර ඇති බව වාර්තා වේ.

යුරෝපීය රටකින් පැමිණි කාන්තාවක් ඇතුළුව පුද්ගලයන් හයදෙනෙක්ගේ ගමන්මලු තුල සඟවා මත්ද්‍රව්‍ය තොගයකුවේටයට රැගෙන යෑමට උත්සහ කර ඇති බවට කුවේට් රේගුව ප්‍රකාශ කළේ ය.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ 4 සහ5 වන පර්යන්තවලින් ඇතුල් වන අවස්ථාවේදි පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිමය කටයුතු කිරීම සඳහා අදාල බලධාරීන්ට භාරදීමට රේගු නිලධාරීන් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

 


RECOMMEND POSTS