මත්ද්‍රව්‍ය පෙවු උකුස්සන් අත්අඩංගුවට



කුවේටය සහ ඉරාකය අතර පිහිටි අල්-ඊබ්ඩෙල්ලි දේශසීමාව හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදිගමන් මලු තුල නීතිවිරෝධි ආකාරයෙන් සිරකර රැගෙන යෑමට උත්සහ කළ උකුස්සන් 23ක් අත්අඩංගුවට ගැනීමට කුවේට් රේගු නිලධාරීන් සමත් වී ඇති බව අල්-අන්බා පුවත්පත වාර්තා කළේය.

ගොදුරු ඇල්ලීමට පුරුදු කළ උකුස්සන් බවත් රැගෙන යෑමට පහසු වන ආකාරයෙන් මත්ද්‍රව්‍ය පොවා සිටි බව පසුව අනාවරණය වී ඇත.

කුවේට් පරිසර අධිකාරියේ බලධාරීන් උකුස්සන් 20ක් ඉරාක බලධාරීන්ට භාර දුන් අතර අධික තෙරපීම හේතුවෙන් උකුස්සන් තුන්දෙනෙකු මියගොස් ඇත. 

වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති සත්ව සහ ශාක විශේෂ වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අනුව උකුස්සන ජාවාරම් කිරීම නීතිවිරෝධි ක්‍රියාවක් වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS