මත්ද්‍රව්‍ය පානය කර 75ක් මරුට



කුවේටයේ පුද්ගලයන් හැත්තෑ පස්දෙනෙක් අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කිරීම හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී ඇත.

පසුගිය මාස දහයක (ජන:ඔක්) කාලය තුල පුද්ගලයන් පිරිස ජිවිතක්ෂයට පත් වී ඇති අතර කුවේට් ජාතිකයන් තිස්පහක් (35) සහ විවිධ ජාතීන්ට අයත් විදේශිකයන් හතළිහක් (40) ඊට ඇතුලත් වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ බොහෝ මරණවලට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෝෆින් නැමති මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවෙන් ලබාගැනීමයි.

බෙන්සෝඩියසපයින්,ඇම්ෆෙටමින්, මෙතම්ෆෙටමින්සහ කංසා (ගංජා) අධික ලෙස පානය කිරීමෙන් අනෙක් ඇබ්බැහිවූවන් ජිවිතක්ෂයට පත් වී ඇත.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් බහුතරය වයස අවුරුදු 23 ත් 35 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් වන අතර,වයස අවුරුදු 18-22, 36-50සහ 51-60 වයස් කාණ්ඩවල පුද්ගලයන්ද සිටියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS