මත්ද්‍රව්‍ය පරීක්ෂණ අනිවාර්යයි



ඕමාන රජය ප්‍රධාන රැකියාවන් තුනක සේවය කරන සේවකයන්ට මත්‍ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතා කරනවාද නැද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණ අනිවාර්ය කර ඇති බව වාර්තා වේ.

ඛනිජ තෙල්, ගෑස්, වරාය, ගුවන්තොටුපොල, විදුලි සහ ජල යන අංශවලටත් අදාල වන පරිදි  පරීක්ෂණ අනිවාර්ය කිරීමට ඕමාන් මිනිස්බල අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

ඕමාන ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍ර නිසා සේවකයන්ගේ කාර්යක්ෂමතාවය මෙන්ම සෞඛ්‍ය තත්ත්වය නිවැරදි මට්ටමකින් පවත්වා ගෙන යෑම සදහා අදාල පියවර ගෙන ඇත.

ඉහත සඳහන් කර ඇති ක්ෂේත්‍රවල සේවකයන් සේවය කරන අවස්ථාවන්වලදිපෙර දැණුම්දීමකින් තොරව වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS