මත්ද්‍රව්‍ය ජාවාරම් කල ඇමරිකානුවාට කුවේට් අධිකරණයෙන් මරණ දඩුවම



මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත ඇමරිකානු ජාතිකයෙකුට කුවේට් අධිකරණය මගින් මරණ දඩුවම නියම කරන ලදී. 

මෙම තීන්දුව කුවේට් අභියාචනාධිකරණය මගින් ලබාදී ඇති අතර ඉදිරි දිනයකදී ඇමරිකානුව එල්ලා මැරීමට තියමිතව ඇත. 

තම සේවාදායකයා කොකේන් මිලිග්‍රෑම් 11ක් ලග තබාගෙන සිටි අතර ඔහු කිසිදු අවස්ථාවක මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චේතනාවකින් මත්ද්‍රව්‍ය ලග තබා නොගත් බව ඇමරිකානුවා වෙනුවෙන් කතා කල ආරක්ෂක නීතිඥ ආචාර්ය කලීඩ් අල්-කෆීෆා කියා සිටියේය. 
මෙම නඩුව විභාග වන අවස්ථාව සදහා ඇමරිකානු තානාපතිවරයාද සහභාගිවී ඇත.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS