මත් පෙති 30,349,000ක් අල්ලයි



සෞදි අරාබියට නීතිවිරෝධිව රැගෙන යෑමට උත්සහ කළ මත් පෙති 30,349,000ක් අල්ලා ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

එනසාල් ප්‍රවාහනය කළ කන්ටේනරයක් තුළ සඟවා ඇම්ෆෙටමින් පෙති 30,349,000ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබියදි අල්ලා ගැනීමට හැකි වු බව සෞදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රකාශ කළේ ය.

සෞදි ජාතිකයන් දෙදෙනෙකු සහ සිරියානුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදු කරන බව සෞදි මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS