මඟීන් බිලියනක් ප්‍රවාහනය කරලා



ඩුබායි කුලී රථ සේවය බිලියනකට වඩා වැඩි මඟීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති බව ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළේ ය.

වසර විසි පහක කාලය(1995-2019) තුල අදාල මඟීන් ප්‍රමාණය ප්‍රවාහනය කිරීම සඳහා ගමන් වාර මිලියන 682ක් ක්‍රියාත්මක කර ඇති බවත්, කුලී රථ 81 සිට 5,201 දක්වා වැඩි වී ඇති බව  ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්, මතාර් අල් ටේයර් පැවසීය.

රියදුරන්ගේ සංඛ්‍යාව 886සිට 11,500 දක්වාත්, සේවකයින් සංඛ්‍යාව 23 සිට 1131 දක්වාත්, සේවාවන් 13ක් දක්වා වසර විස පහක කාලය තුල වැඩි වී ඇත.

ඩුබායි මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය කෘතිම බුද්ධිය භාවිතා කරමින් වඩාත් පුළුල් සේවාවක් ලබාදෙන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS