මඟී ගුවන් පාලමක් ගිනිගනියි



මස්කට් ආණ්ඩුකාර කාර්යාල ප්‍රදේශයේ ඇති මඟී ගුවන් පාලමක විශාල ගින්නක් හටගෙන ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මඟී ගුවන් පාලමකුරාම් හි සුල්තාන් කාබූස් වීදියේ පිහිටා ඇති අතර පාලමේ සවිකර තිබු විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරුවක් හදිසියේ ගිනිගෙන ඇති බව ඕමාන් සිවිල් ආරක්ෂක සහ ගිලන් රථ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

සිවිල් ආරක්ෂක සහ ගිලන් රථ අධිකාරියට අයත් ගිනිනිවන භටයන් පැමිණ ගින්න නිවාදැමීමට කටයුතු කර ඇත.

ගුවන්පාලම ගිනිගන්නා ආකාරය වීඩියෝ කර අන්තර්ජාලයට එක් කිරිමට රියදුරෙක් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS