මගී යානයේ කළු පෙට්ටිය යුක්රේනයට



ඉරානයේ දී මිසයිල ප්‍රහාර හේතුවෙන් කඩා වැටුණු යුක්රේන මගී යානයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටිය යුක්රේනයට බාර දීමට ඉරාන රජය පියවර ගෙන ඇත.

පසුගිය ජනවාරි 8 වැනිදා, 176 දෙනකු ද සමඟ කඩා වැටුණු යානය ඇමෙරිකාවේ බෝයිං සමාගමේ යානයකි. යානයේ කළු පෙට්ටය තමන්ට දෙන්නැයි ඇමෙරිකාව ඉල්ලීමක් කර ඇති නමුත් ඉරානය එය ප්‍රතික්ෂේප කර තිබුණි.

යානය කඩා වැටුණේ, ඉරාන විප්ලවීය හමුදාව, ඉරාකයේ ඇමෙරිකන් ගුවන් හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින්, මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අවස්ථාවකදීය.

(රොයිටර්)


RECOMMEND POSTS