මක්කමට ජල ගැලීම් බියක්



නොකඩවා මහ වැසි ඇද හැලීමත් සමඟ මක්කම නගරයේ ජල ගැලීම් හට ගැනීමේ අවදානමක් පවතින බව සෞදි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

මක්කම පමණක් නොව මින්නා ප්‍රදේශය සහ අරාෆාත් කන්ද ආශ්‍රිත ප්‍රදේශවලට ද අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑම් එල්ල වනු ඇති බව සෞදි කාලගුණ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.

හජ් වන්දනා සමය ආරම්භ වීමත් සමඟ ලොව පුරා වෙසෙන මුස්ලිම් වැසියෝ මිලියන දෙකක පිරිසක් මේ වනවිට මක්කම බලා පැමිණ සිටින බව වාර්තා වේ.

මේ වනවිට මක්කමට මිලියන දෙකකට වැඩි බැතිමතුන් පිරිසක් පැමිණ සිටින බව වාර්තා වේ. බැතිමතුන් කඳවුරු බැඳගෙන සිටින්නේ මින්නා ප්‍රදේශයේය.

හජ් වන්දනාවට පැමිණි බැතිමතුන් වෙනුවෙන් වෛද්‍යවරුන්, වෛද්‍ය ආධාරකරුවන්, හෙද හෙදියන් පමණක් නොව ආරක්ෂක අංශ සාමාජිකයන් 30,000 කට වැඩි පිරිසක් යෙදවීමට සෞදි රජය පියවර ගෙන ඇත.

හජ් වන්දනා සමය දින පහක් පුරාවට පැවැත්වෙයි. බැතිමතුන් වෙනුවෙන් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන 15 ක් සහ රෝහල් 22 ක් සූදානමින් තබා ඇති බව ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS