මක්කම හෝටලයක විශාල ගින්නක්



සෞදි අරාබියේ මක්කම නගරයේ හෝටලයක විශාල ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

උදෑසන 11.40ට පමණ ගින්න හෝටලය තුලට පැතිරී ගොස් ඇති බවත් සිවිල් ආරක්ෂණ අධිකාරියට අයත් ගිනි නිවන භටයන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බව මක්කම පොලීසිය ප්‍රකාශ කළේ ය.

හෝටලයට ගින්න පැතිරීමට පෙර කසල ගොඩකට ගින්න ඇවිලි ඇති බව සිවිල් ආරක්ෂණ අධිකාරියේ නිල මධ්‍ය ප්‍රකාශක, මේජර් නයෙෆ් අල්-ෂරීෆ් ප්‍රකාශ කළේ ය.

ගින්නෙන් හෝටලයට සිදු වී ඇති පාඩුව මෙතෙක් ගණන් බලා නොමැති අතර ගිනි ගැනීමට හේතු වු කරුණු සෙවීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මක්කම)


RECOMMEND POSTS