මක්කම හෝටලයක ගින්නක්



මක්කම වන්දනාකරුවන් නවාතැන් ගෙන සිටි හෝටලයක හදිසියේම ඇතිවූ ගින්නක් හේතුවෙන් එහි නවාතැන් ගෙන සිටි  හයසීයකට අධික වන්දනාකරුවන් පිරිසක් සෞදි ගිනිනීවීමේ සේවා හා ආරක්ෂක අංශ විසින් මුදා ගෙන තිබේ.

මෙලෙස මුදා ගෙන ඇත්තේ මක්කම වන්දනාවේ ආ යේමන හා තුර්කි ජාතිකයින් පිරිසකි.ඒ කිසිදු තුවාලකරුවෙකු නොමැති බව මක්කම සිවිල් ආරක්ෂක අංශයේ ප්‍රකශෙක මේජර් රයේඩ් නයේෆ් අල් ෂරීෆ් කියා සිටී.

සෞදි අරාබියේ මක්කම ශුද්ධ භූමියට ආසන්නයේ පිහිටි අල් අසීසියා ප්‍රදේශයේ හෝටලයක වායුසමීකරණ අංශයෙන් මෙම ගින්න කාන්දු වීමෙන් ඊයේ (21) මෙම ගින්න ඇතිවී ඇති තිබේ. ගින්න ඇති වීමත් සමඟ එහි නවාතැන් ගෙන සිටි විදෙස් බැතිමතුන් සියලු දෙනොම මුදා ගැනීමට සෞදි බලධාරීහු පියවර ගෙන ඇත.

ගින්න මැඩපැවැත්වීමෙන් පසු එහි නවාතැන් ගෙන සිටි විදෙස් බැතිමත්හු සියලු දෙනා නැවත එම හෝටල් කාමර වෙත යොමු කරවීමට බලධාරීහු පියවර ගෙන තිබේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ඩිජිටල් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS