මක්කම නිවාස සංකීර්ණයක ගින්නක්



සෞදි අරාබියේ මක්කම පිහිටි අල්කයිකා දිස්ත්‍රිකයේ පිහිටි නිවාස සංකීර්ණයක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. මහජන ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නීවීමට කටයුතු කල අතර ගොඩනැගිල්ලේ රැදී සිටි පුද්ගලයින් 25දෙනෙකු පමණ ගොඩනැගිල්ලෙන් ඉවත් කල බව අල් රියාද් ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය.

තුන්වන මහලේ පිහිටා ඇති නිවසකින් ගින්න හටගෙන ඇති බව කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.අනිකුත් නිවාස වලට ගින්න පැතිරී යැමට පෙර ගිනිනිවන භටයින් ගින්න නිවා දැමීමට සමත්වී ඇත.

කිසිදු ජීවිත හානියක් වාර්තාවී නොමැති අතර ගින්න හටගැනීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භකර ඇති බව වාර්තා වේ.

ජනක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS