මක්කම කටාර් ජාතිකයින්ට තහනම් නැහැලු



සෞදි අරාබිය, බහරේන, එම්රේට්ස් රාජ්‍යය සහ අනිකුත් ගල්ෆ් කලාපයේ රටවල් කටාර් රාජ්‍යයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් අත්හැරීමට ගත් තීරණයත් සමගම කටාර් රාජ්‍යයට විශාල බලපෑම් එල්ල විය.

එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ පුද්ගලයින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ බොරු ප්‍රචාරයන් කරන්නට පටන් ගෙන ඇත. 

කටාර් ජාතිකයින්ට මක්කම පූජා නගරයේ පිහිටා ඇති මහා පල්ලියේ උම්රා ආගමික වතාවත් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැරදි ප්‍රචාරයක් ගෙන ගොස් ඇත. 

එම ප්‍රචාරය සම්පුර්ණයෙන්ම අසත්‍යක් බව පල්ලියේ පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳුදා (ජුනි12) වාර්තා කළේය. 

මක්කම පුජා නගරයට පැමිණෙන කටාර් ජාතිකයින්ට ඇතුළුව අනිකුත් රාජ්‍යයන් වල සියළුම ඉස්ලාමීය බැතිමතුන්ට සියළුම ආගමක් වතාවත් සිදුකිරීම සඳහා සෞදි රජුගේ නායකත්වය යටතේ සියළුම පහසුකම් සපයා ඇති බව පාලනාධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS