මංගල නැටුමෙන් උසාවියට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ෆුජයිරා නගරයේ පැවති විවාහ මංගල උත්සව අවස්ථාවක,මනාලයා මනාලිය සමග සිප ගනිමින් නටන දර්ශන සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ සජිවීව විකාශනය කිරීම හේතුවෙන් නීතිමය පියවර ගැනීමට එමිරේටස් පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් සම්ප්‍රදායන්ට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් නීතිමය පියවර ගැනීමට කටයුතුකළ බව ෆුජයිරා පොලිස් ප්‍රධානී, මේජර් ජෙනරාල් මොහොමඩ් බින් ගාමින් අල්-කාබී ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS