භූමි කම්පාවකින් ඉරානය කැලැඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 5.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් වයඹදිග ඉරානය කැලැඹිණි. භූමි කම්පාවෙන් 50 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 528 දෙනෙකු තුවාල ලැබූ බවත් ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

භූමි කම්පාව හටගත්තේ අසර්බයිජාන් ප්‍රාන්තයේ කිලෝ මීටර් 10 ක් පොළොව අභ්‍යන්තරයේය. භූමි කම්පාවෙන් නිවාස 500 කට වඩා විනාශ වූ බව ද පැවැසෙයි. බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතී.

ඉරානය බහුලව භූ කම්පනවලට මුහුණ දෙයි. ඊට හේතුව ඉරානය පිහිටා ඇත්තේ මධ්‍යම ආසියාවේ භූ තැටි මායිමකට ඉහළිනි. 1990 වසරේ දී ඉරානය රික්ටර් පරිමාණයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි. එයින් මියගිය ගණන 40,000 කි. තුවාල ලැබූ ගණන ලක්ෂ 3 කි.

(රොයිටර්)


RECOMMEND POSTS