භූමි කම්පාවකින් ඉරානය කැලඹේ



රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් වයඹදිග ඉරානය කැලඹිණි. භූමි කම්පාවෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 20 ක් තුවාල ලැබූ බවත් වාර්තා වේ.

ප්‍රධාන භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන කිහිපයක් ද හටගත්තේය. ඒවා රික්ටර් පරිමාණයේ ඒකක 4.1 සිට 4.8 දක්වා ප්‍රබලත්වයක් වාර්තා කළේ යැයි පැවැසෙයි.

ඉරානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින්, භූමි කම්පා හටගැනීම ස්වභාවිකය. 2017 වසරේ දී රික්ටර් පරිමාණයේ ඒකක 7.3 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් ඉරානය කැලඹිණි. එයින් මියගිය ගණන 600 කි. 2013 වසරේ සිදුවුණු භූමි කම්පාවෙන් මියගිය ගණන 31,000 ක් යැයි පැවැසෙයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS