භාවිතා කළොත් වැඩ වරදි



ඕමානයේ රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ගයක තහනම් කරන ලද රසදිය ඉහළ ප්‍රමාණයක් අඩංගු වීම හේතුවෙන් අදාලක්‍රීම් වර්ගය වෙළඳපොලෙන් ඉවත් කරගන්නා ලෙස ඕමාන පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය අදාල සමාගමට නියෝග කර ඇති බව වාර්තා වේ.

අදාල ක්‍රීම් වර්ගය භාවිතා කරන සහ විකුණන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් වැරදි කරන වාර ගණන අනුව දඩ මුදලද වැඩි කරන බව ඕමාන පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS