භාවිතයේදි සැළකිලිමත් වන්න



සෞදි අරාබියේ විකිණීමට ඇති “Forever Royal Jelly’’ නැමති ආලේපන වර්ගය භාවිතා කිරීමේදි සැළකිලිමත් වන ලෙස සෞදි ඖෂධ සහ ආහාර අධිකාරිය නිවේදනය කර ඇත.

අදාල ආලේපන වර්ගය පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව තහවුරු කර නොමැති බවත් ව්‍යාජ වෛද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් වෙළඳපොලේ විකුණන බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව සෞදි ඖෂධ සහ ආහාර අධිකාරියට අයත් නියාමන ඒකකය ප්‍රකාශ කළේ ය.  

“Forever Royal Jelly’’ නැමති ආලේපනය පරීක්ෂාවට ලක් කර ආරක්ෂාව තහවුරු කරන තෙක් භාවිතා කිරීමෙන් වළකින ලෙස අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS