භාගී 3 ඉරාකයේ සහ සිරියාවේ



ටයිගර් ෂ්රොෆ්ගේ ‘භාගී’ චිත්‍රපට බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට ලෙස ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. පසුගිය වසරේ තිරගත වුණු භාගී 2 චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 300 ක් ඉපැයීය.

‘භාගී’ චිත්‍රපට මාලාවේ තෙවැනි වික්‍රමයට ටයිගර් ෂ්රොෆ් සූදානමින් සිටින අතර චිත්‍රපටය සරියාවේ සහ ඉරාකවය් රූගත කිරීමට නියමිත බව ද පැවැසෙයි. ‘භාගී 3’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය කවුරුන්දැයි මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව ද පැවැසෙයි.

අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජය පමණක් නොව ඉරාක රජය ද සමත් වී සිටී. ඒ සමඟ විදෙස් ආයෝජන යළි දෙරටට පැමිණෙමින් ඇතැයි ද පැවැසෙයි. ‘භාගී 3’ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් සිරියා සහ ඉරාක රජයේ සහාය නොඅඩුව ලැබෙනු ඇත.

(ෆිල්ම් ෆෙයාර්)


RECOMMEND POSTS