බෝතල් 4,000 ක් අත්අඩංගුවට



කුවේටයේ අල්-අහමඩ් ප්‍රදේශයේදි කුවේට් ඩිනාර් මිලියනයක් වටිනා නීතිවිරෝධි මත්පැන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට කුවේට් ආරක්ෂක අංශ සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

අල් ෆුහයිහල් අධිවේගි මාර්ගයේ ජංගම මුර සංචාරයේ යෙදි සිටි ආරක්ෂක අංශ නිලධාරීන් කන්ටේනර් රථයක් ලඟ විස්කි බෝතලයක් තිබෙන ආකාරය මුලින්ම දැක ඇත.

පසුව එම නිලධාරීන් කන්ටේනර් රථය විවෘත කරන ලෙස කන්ටේනර් රථයේ සිටි රියදුරට නියෝග කර ඇති අතර ඉදිකිරීම් ද්‍රව්‍ය තොගයක් තුල සඟවන ලද කාඩ්බෝඩ් පෙට්ටි 500ක අසුරා තිබු කුවේට් ඩිනාර් මිලියනයක් වටිනා මත්පැන් බෝතල් 4,000ක් හමු වු බව අල්-අහමඩ් හි ආරක්ෂක අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් අබ්දුල්ලා සෆා ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයන් මේ වනවිටත් ආරම්භ කර ඇති බව බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS