බෝට්ටුවක් පුපුරවා හරියි



හවුදි ගරිල්ලන් පුපුරණ ද්‍රව්‍ය පිරවු බෝට්ටුවක් යොදාගනිමින් ජාසන් නගරයේ අරම්කො සමාගමට අයත් තෙල් ගබඩා සංකීර්ණයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

යේමන වෙරළ කලාපයෙන් සෞදි අරාබියට අයත් මුහුදු සීමාව දෙසට යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් මුලින් නිරීක්ෂණය කර ඇති අතර ලබාදුන් නියෝග නොතකමින් ජැටිය දෙසට යාත්‍රා කිරීම හේතුවෙන් ප්‍රහාර එල්ල කර බෝට්ටුව විනාශ කර දැමීමට වෙරළාරක්ෂක භටයන් කටයුතු කර ඇත.

ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු විශාල පිපිරුම් සහිතව බෝට්ටුව පුපුරා ගිය බව වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS