බෝට්ටුවක් ගිනි ගනියි



කුවේටයේ අල්-මරදාම් දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබු බෝට්ටුවක් හදිසි ගින්නකට හසු වී ඇති බව වාර්තා වේ.

සිවිල් ආරක්ෂක බලකායේ ගිනිනිවන භටයන් පැමිණ බෝට්ටුව තුල සිටි පුද්ගලයින් හතර දෙනා බේරාගෙන ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.

ගින්නට හේතු වු කරුණු අනාවරණය වී නොමැති ඇති අතර දැඩි අලාභ හානියක් බෝට්ටුවට සිදු වී ඇත.

යම් හදිසි අවස්ථාවකදී 112 සහ 1880888 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන ලෙස සිවිල් ආරක්ෂක බලකාය ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS