බෝට්ටුවක් ගැටී තුනක් මරුට



කුවේටයේ අල්-කෝට් නැව් ජැටිය ආසන්න මුහුදු ප්‍රදේශයේදි වෙරළාරක්ෂක බලකායට අයත් බෝට්ටුවක ධීවර බෝට්ටුවක් ගැටීම හේතුවෙන් ධීවරයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් සහ බංගලිදේශ ජාතිකයෙක් අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇති බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙක්ද අනතුරින් තුවාල ලබා ඇති අතර තුවාල ලැබු නිලධාරීන් දෙදෙනා රෝහල් ගත කිරීමට කුවේට් සිවිල් ආරක්ෂක බලකයේ නිලධාරීන් කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට වෙරළාරක්ෂක බලකාය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS