බෝට්ටු 5ක් අත්අඩංගුවට



ඕමානයේ කුරියා මුරියා දිවයින ආසන්නයේදි ධීවර නීති උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටි ආසියාතික ධීවරයින් 12 දෙනෙකු එරට වෙරළාරක්ෂක බලකාය මඟින් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබු මසුන් මැරීම සඳහා යොදාගත් බෝට්ටු 05ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කම්කරු සහ ධීවර නීති උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටි ආසියාතිකයින් 12 දෙනෙකු වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව එහි උසස් නිලධාරියකු ප්‍රකාශ කළේය.

ධීවර නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 24 දෙනෙකු පසුගිය මාසයේදි අත්අඩංගුවට ගත් බව ඕමාන කෘෂිකර්ම සහ ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

2015 වර්ෂයට වඩා 2016 වර්ෂයේදි ධීවර නීතී උල්ලංඝනය කර අත්අඩංගුවට පත් වු පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් එන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS