බොරු රහස් පරීක්ෂකයා අත්අඩංගුවේ



රහස් පරීක්ෂකයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් කුවේටයේ සිටින විදේශ ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සොරා කෑ සිරියානු ජාතිකයෙකු කුවේට් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ජංගම මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමකට මෝටර් රථයක් තුල සිටි පුද්ගලයෙකු ගැන සැක සිති පරීක්ෂා කර ඇති අතර පසුව සිදුකරන ලද දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි සියලුම විස්තර දැනගැනීමට හැකි වු බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය. 

අත්අඩංගුවට ගත් පුද්ගලයාට විරුද්ධව නීතිමය කටයුතු කරගෙන යෑම සඳහා අදාල බලධාරීන්ට භාර දුන් බව කුවේට් පොලීසිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS