බොරු තොරතුරු පැතුරුවාට හිරේ



ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියේ ගිණුමක් භාවිතා කරමින් කුවේට් අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අදූෂ්‍යමාන ආරංචි පැතිර වු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වසර 10ක සිර දඩුවම් නියමකර ඇති බව අල්-රායි වෙබ් අඩවිය වාර්තා කළේය.  

කුවේට් බිලියනපතියකු සහ 1999 සිට 2011 දක්වා කුවේට් පාර්ලිමෙන්තුවේ කථානායකවරයෙකු වශයෙන් කටයුතු කල අභාවප්‍රාප්ත ජස්මින් අල්-කරෆිට අපහස වන ආකාරයෙන් අදහස් පළ කිරීම හේතුවෙන් ඔහුගේ පවුලේ සමාජිකයින්ට කුවේට් ඩිනාර් 5,001ක මුදලක් ගෙවන ලෙස පහළ අධිකරණයක් මඟින් ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය මඟින් තහවුරු කර එම මුදල ගෙවන ලෙස නියෝග කර ඇත.

කුවේට් අමීර්වරයාට සහ ඔහුගේ බලතල අභියෝගයට ලක් කිරීම, අධිකරණයට අපහස කිරීම, මහජන පැමිණිලි අධිකාරිය සහ එහි සාමාජිකයින්ගේ කාර්යභාරය සහ දායකත්වය පිළිබඳව විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන්ද අධිකරණය මඟින් වැරදිකරු කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS