බොරු අනාවැකි ප්‍රචාරය කරලා



සෞදි අරාබියේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විවිධ පුද්ගලයින් වැරදි කාලගුණික අනාවැකි ප්‍රචාරය කිරීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

වැරදි අනාවැකි ප්‍රචාරණයන් කරන පුද්ගලයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව සෞදි කාලගුණ හා පරිසර අධිකාරියේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෙනරාල්, ෆයිසාල් අල්-සාවට් ප්‍රකාශ කළේය.

සමාජ ජාල භාවිතා කරමින් වැරදි අනාවැකි පළ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සයිබර් ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති අධිකාරිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජි.ඩි.එන් ඔන්ලයින්


RECOMMEND POSTS