බේරූට් යළි ඇවිලෙයි



ලෙබනනයේ බේරූට් අගනුවර වරායේ යළිත් වරක් පිපිරීමක් සිදුවී ගින්නක් හටගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන්ගේ සහායට හමුදාව ද යොදවා ඇතැයි පැවැසෙයි. පිපිරුමෙන් කිසිවකුටවත් අනතුරක් සිදුවී නැත. ලෙබනන් හමුදාව පැවැසුවේ, වරායේ 'ඩියුටි ෆ්‍රී' භාණ්ඩ රැදවුම් කොටසේ තෙල් සහ රබර් ටයර් අසුරා ඇති ගබඩාවක පිපිරීම සිදුවී පසුව ගින්න හටගත් බවය.

බේරූට් වරායේ යළි ගින්නක් සහ පිපිරුමක් වාර්තා වෙද්දී බේරූට් වැසියෝ මහත් සේ බියටත් කලබලයටත් පත් වූහ. ඒ, පසුගිය අගෝස්තුවේ සිදුවුණු බිහිසුණු පිපිරුම සිහිවීමෙනි.

පසුගිය අගෝස්තු 4 වැනිදා, බේරූට් වරායේ සිදුවුණු එම පිපිරුම, පරමාණු බෝම්බ පිපිරුමකට නොදෙවැනි විය. ගින්නක් හට ගැනීමෙන් පසු පුපුරා ගියේ අනාරක්ෂිත අයුරින් වරායේ ගබඩාවක ගබඩා කර තැබුණු ඇමෝනියම් නයිට්‍රේට් තොගයකි. එම පිපිරුමට හසුවීමෙන් මියගිය ගණන 200 කි. තුවාල වූ ගණන 4,000 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS