බේරුමක් කර ගන්න කැමැතියි



කටාර් ජාතිකයින්ගෙන් 81% ක් කටාර් අර්බුදය සමථයකට පත්කරගැනීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බව Washington Institute for Near East Policy ආයතනය මඟින් සිදුකරන ලදනවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව ජි.ඩි.එන් ඔනන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

කටර් ජාතිකයින් ඉරානය සමඟ සම්බන්ධතාවයන් පවත්වා ගෙන යෑමට විරුද්ධත්වයක් දක්වන අතර යේමනයේ හිස්බුල්ලා සහ හවුදි සංවිධාන සම්බන්ධයෙන් ඍණාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බව සමීක්ෂණය සිදුකරන ලද ආයතනය ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවේදි වැදගත් වන්නේ ඉරානයට එරෙහිව උපරිම මට්ටමේ අරාබි සහායෝගීතාවයක් ඇති කිරීම බව සමීක්ෂණයට සහභාගි වු පුද්ගලයින්ගෙන් 53%ක් ප්‍රකාශ කර ඇතිබව වාර්තා වේ.

කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට උදව් උපකාර කරන බවටත්, ඉරානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවටත් චෝදනා කරමින් 2017 ජුනි මාසයේ සිටි සෞදි අරාබිය, එමිරේටය, ඊජිප්තුව සහ බහරේන රාජ්‍යයන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් ඇත්හැරීමට කටයුතු කළ බව ජි.ඩි.එන් ඔනන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS