බුද්ධි ප්‍රධානියා අගමැති ලෙස නම් කරයි



ඉරාකයේ බුද්ධි අංශ ප්‍රධානී, මුස්තාපා අල්-කදිමි අගමැතිවරයා ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

අදාල නම් කිරීම ඉරාක ජනාධිපති, බර්හාම් සාලිහ් සිදුකර ඇති බව රාජ්‍ය රූපවාහිනිය බ්‍රහස්පතින්දානිවේදනය කර ඇත.

මීට පෙර අග්‍රමාත්‍යවරයා ලෙස නම් කළ අද්නාන් අල්-සර්ෆි ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගැනීමට අපොහොසත් වීමෙන් පසු අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීමෙන් ටික කලකට පසු, බුද්ධි අංශ ප්‍රධානී, මුස්තාපා අල්-කදිමි අගමැතිවරයා ලෙස නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS