බි‍්‍රතාන්‍ය සිසුවාට සමාව



ඔත්තු බැලීමේ චෝදනා මත දිවි ඇතිතෙක් සිරදඬුවම් නියම කළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය සිසුවකු වන මැතිව් හෙජ් නිදහස් කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය තීරණය කර ඇත.

31 හැවිරිදි හෙජ් නිදහස ලැබුවේ ජනාධිපති සමාවක් යටතේය. එක්සත් අරාබි එමිරේට්ස් ජනාධිපති කලීෆා බින් සයාද් අල් නහ්යාන් විසින් හෙජ් ඇතුළු තවත් 700 දෙනකුට සමාව ලබා දී ඇතිබව ද වාර්තා වේ. ඒ, එක්සත් අරාබි ජාතික දිනය සැමරීමට සමගාමීවය.

හෙජ් මැතිව්ට කඩිනමින් යළි බි‍්‍රතාන්‍යය බලා යෑමට අවස්ථාව ලැබී ඇති බව ද එක්සත් අරාබි එමිරේට්ස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තම සැමියාට මෙසේ සමාව ලැබීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බව හෙජ්ගේ බිරිඳ ඩැනියෙලා තෙජාඩා ට්විටර් පණිවුඩයක් සටහන් කරමින් පවසා ඇති බව ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

මේ අතර, හෙජ් නිදහස් කරන්නැයි පසුගිය කාලය පුරාවට බි‍්‍රාන්‍යයෙන් පමණක් නොව සෙසු බටහිර රටවලින් ද එක්සත් අරාබි එමීරයට බලපෑම් එල්ල වී තිබුණු බව ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS