බි​ළිඳුන් 11 දෙනෙකුට සේවිකාව පහර දීලා



සෞදි අරාබියේ රෝහලක අලුත උපන් බිළිඳුන් 11 දෙනෙකුට සෞඛ්‍ය සේවිකාවක් පහරදී ඇති බව වාර්තා වේ.

නියමිත වෛද්‍ය ආචාර ධර්ම නොසලකා බිළිඳුන් 11 දෙනෙකුට ශරීරීක වද පමුණුවා ඇති බව සෞදි නඩු පැවරීමේ අධිකාරිය ප්‍රකාශ කළේ ය.

බිළිඳකුගේ මුහුණට තුන්වතාවක් පහර දෙන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී ඇත.

සෞඛ්‍ය සේවිකාව වරදකාරිය කරමින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් 100,000ක දඩයක් අධිකරණය නියම කළේ ය.

සෞඛ්‍ය සේවිකාවට දඬුවම් නියම කිරීමෙන් පසු, රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරිය ඇයට දැඩි දඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS