බිලියන 82ක සංවර්ධන ව්‍යාපෘති



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සෞදි රියාල් බිලියන 82ක් නගර සංවර්ධන වැඩසටහනක් දියත් කරයි.

සෞදි ජන ජීවිතය උසස් තත්ත්වයකට ගෙන ඒමේ අරමුණින් රියාද් නුවර සහ අවට නගර සංවර්ධනය කිරීම සඳහා මුදල් යෙදවීමට සෞදි රජු අපේක්ෂා කරන බව වාර්තා වේ.

අදාල නගර සංවර්ධන වැඩසටහනට ව්‍යාපෘතියට 1,281ක් අයත් වන අතර සමස්ථ වටිනාකම සෞදි රියාල් බිලියන 82ක් වේ.  

ප්‍රවාහනය, නිවාස, පරිසරය, අධ්‍යාපනය සහ අනිකුත් පහසුකම් වලට අදාල අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් දියුණු  කිරීම නගර සංවර්ධන වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS