බිලියන 3.5ක හෙලිකොප්ටර්



ගල්ෆ් කලාපයේ ප්‍රබල රටවල් කීපයක් සමඟ කටාර් රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් යම් නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබෙන අවස්ථාවක ඇමරිකානු ඩොලර් බිලියන 3.71ක් වටිනා එන්.එච් 90 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් විසි අටක් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව නිවේදනයක් නිකුත් කරමින් කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව අල්-ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේය.

කටාර් ගුවන්හමුදාවට ලබාදිය හැකි උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරන බව කටාර් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බලගණයේ අණදෙන නිලධාරී, මාෂවුට් ෆාසිල් අල්-හජ්රි ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(අල්-ජසීරා පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS