බිම් බෝම්යකින් තුන්දෙනෙක් මරුට



සිරියාවේ කාමිෂ්ලි නගරයේ සැගවී සිටින අයි.එස් ත්‍රස්තවාදීන් අටවා තිබු බිම්බෝම්බයක් පුපුරා යෑම හේතුවෙන්  අධ්‍යාපනික පාඨමාලාවක් හැදෑරීම සඳහා යමින් සිටි සිසුන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

කාමිලිස් නගරයේ සිට කිලෝමීටර් 20ක් දකුණු දෙසින් පිහිටා ඇති සාලිහියෙට් හාබ් සහ රහියෙට් සොව්දා යන ගම්මාන අතර ප්‍රදේශයකදී බිම් බෝම්බය පුපුරා ගොස් ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාකරු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS