බිම් බෝම්බ ඉවත් කරලා



ජේසුස් වහන්සේ භෞතිස්ම බව කියන ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශ සියල්ලේ වළලා තිබූ සියලු බෝම්බ ඉවත් කර ඇතැයි වාර්තා වේ.
 
දශක ගණනාවක් තිස්සේ මැද පෙරදිග කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ජේසුස් වහන්සේ භෞතිස්ම කළ ස්ථානය අවට ප්‍රදේශ රැසක දහස් ගණන් බිම්බෝම්බ වළලා තිබිණි.  බටහිර ඉවුරේ පිහිටි කෙස්ර් එල් යාහුද් ප්‍රදේශයට වසරකට පැමිණෙන වන්දනාකරුවන්ගේ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වේ. එහෙත් පුපුරණ ද්‍රව්‍ය, බිම්බෝම්වලට කොතරම් ආසන්න ද කියා ඔවුන් කිසිවකුත් දන්නේ නැත.
 
දශක පහකට ආසන්න කාලයක් මෙම ශුද්ධ භූමියේ බිම්බෝම්බ වළලා තිබිණි. එහෙත් දැන් එසේ නැත. ක්‍රිස්තියානි සංවිධාන කිහිපයක් ද ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙම භූමියෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය දියත් කළ අතර එම සංවිධානවලට විවිධ ක්‍රිස්තියානි නිකාය, පල්ලිවලින් මෙන්ම ඊශ්‍රායල හා පලස්තීන බලධාරීන්ගෙන් ද බාධා එල්ල විණි. ඔවුන් සෑහීමට පත් කරමින් කරුණු පැහැදිලි කරමින් බිම් බෝම්බ ඉවත් කළ පිරිස දුෂ්කර කාර්යයක නිරත වූහ.
 
ජේසුස් වහන්සේ භෞතිස්ම කළ ස්ථානය ක්‍රිස්තියානි ආගම අදහන ජනතාවගේ තෙවැනි පූජනීය ස්ථානයයි. 
“මෙම පූජනීය ස්ථානයය වසරකට වන්දනාකරුවන් හා සංචාරකයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙනවා. ඔවුන් බිම්බෝම්බ අසළින් ගමන් කරනවා. එය හරිම අසාමාන්‍යයි” යැයි මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර පුණ්‍යායතනයක් වන ‘හලෝ (එච්.ඒ.එල්.ඕ)’ භාරකාර අරමුදලේ ප්‍රධානී ජේම්ස් කොවන් පැවැසීය.
 
කාන්තාරය ආසන්න මෙම පෙදෙසින් ජෝර්දාන නදිය ගලාගෙන යන අතර, ජෝර්දාන නදියේ දියෙන් ‘ජෝන් ද බැප්ටිස්ට්’ ජේසුස් වහන්සේ භෞතිස්ම කළ බව ක්‍රිස්තියානි ආගම අදහන ජනතවාගේ විශ්වාසයයි. 
 
හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි 

RECOMMEND POSTS