බින් නයාෆ් කුමරු මතට ඇබ්බැහි වෙලා



සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස රජකම බාර ගැනීමට නියමිතව සිටි මොහොමද් බින් නයාෆ්, කොකේන් මත් කුඩුවලට ඇබ්බැහිවූවකු යැයි අනාවරණය වී ඇති බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

සෞදියේ සල්මාන් රජු මොහොමද් බින් නයාෆ් ට රජකම පිරිනැමීමට මැලිවිය.

නව ඔටුන්න හිමි කුමරු ලෙස සල්මාන් රජු විසින් පත් කරනු ලැබ ඇත්තේ ඔහුගේ ප්‍රියතම පුතු මොහොද් බින් සල්මාන්ය. මොහොමද් බින් නයාෆ්, සල්මාන් රජුගේ බෑණා කෙනෙකි.

ඔටුන්න හිමි කුමාරයා ලෙස පමණක් නොව, මොහොමද් බින් නයාෆ් ඔහුට හිමි සියලුම තනතුරුවලින් ද ඉවත් කිරීමට සෞදි රජු කටයුතු කළේය. ඒ, මීට මාසයකට පමණ පෙරය. ඉන්පසු මොහොමද් බින් නයාෆ් නිවාස අඩස්සියට පත් කළේ යැයි ද තොරතුරු දැන ගන්න ලැබුණි.

මේ අතර මොහොමද් බින් නයාෆ් මත්කුඩුවලට ඇබ්බැහි වී ඇතැයි වයන චෝදනා ඔහුගේ පවුලේ අය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

කෙසේ නමුත් මොහොමද් බින් නයාෆ් 2009 වසරේ දී බෝම්බ ප්‍රහාරයකට ලක් වූයේය. එම ප්‍රහාරයේදී සිරුරට ඇතුළු වුණු කැබැල්ලක් ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වී ඇත. ඒ, එය ඉවත් කිරීම අවදානම් බැවිණි. එම කැබැල්ල නිසා ඇතිවන වේදනාව සමනය කර ගැනීමට මොහොමද් බින් නයාෆ් මෝෆීන් අධික ලෙස භාවිතා කරන බව ඔහුගෙක් සමීපතමයෝ පෙන්වා දෙති.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS