බිත්ති අතර සිර වු මෝටර් රථය



ජොර්දානයේ අම්මාන් නුවර මාර්ගය ගමන් ගත් මෝටර් රථයක් පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන නිවාසයක බිත්තියක සහ මාර්ගයට අයත් මායිම් බිත්තිය අතර සිර වී ඇති බව වාර්තා වේ. 

අනතුර සිදු වු ස්ථානය අසල නිවාසවල සිටි පුද්ගලයන් මෝටර් රථය සිර වී තිබෙන ආකාරය වීඩියෝ කර සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. 

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර දොඹකරයක ආධාරයෙන් මෝටර් රථය ඉවත් කිරීමට සිවිල් ආරක්ෂක අධිකාරිය කටයුතු කළ බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS