බැරි නම් වෙන කෙනෙක් සොයා ගන්නවා



ඇමෙරිකාව තුර්කියට එෆ් 35 ප්‍රහාරක යානා අලෙවි නොකරන්නේ නම්, තමන් වෙන් රටකින් ප්‍රහාරක යානා මිලදී ගන්නා බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කියයි.

තුර්කියත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් පවතී. ඒ, නේටෝ රටක් වන තුර්කිය රුසියාවෙන් එස් 400 මිසයිල පද්ධතියක් මිලදී ගැනීම සම්බන්ධයෙනි. නේටෝ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි.

ඇමෙරිකාවේ මුලිකත්වයෙන් යුරෝපා රටවල එකමුතුවෙන් නේටෝ සංවිධානය පිහිටුවාගෙන ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණදීමටය.

තුර්කිය ද සමඟ ඇතිවුණු හිත් අමනාපකම් හේතුවෙන් තුර්කියට සම්බාධක පැනැවීමට පියවර ගන්නා බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර තිබේ. ඇමෙරිකාව තුර්කියට විකුණන්න සූදානම් වුණු එෆ් 35 ප්‍රහාරක යානා ගනුදෙනුව අවලංගු කරන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS