බැබිලෝනියාව යුනෙස්කෝ ලෝක උරුමයක්



මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ කේන්ද්‍රස්ථානය වූ බැබිලෝනියා නගරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.

නටබුන් වූ මේ පුරාණ නගරය අයත් වන්නේ ඉරාකයටය. කිලෝ මීටර් 100 ක වපරසියක් පුරාවට නටබුන් දකින්න ලැබේ. බැබිලෝනියාව ඇත්තේ බැග්ඩෑඞ් අගනුවර සිට කිලෝ මීටර් 100 ක් දකුණු දෙසිනි.

1983 වසරේ සිට මෙම පුරාන නගරය ලෝක උරුමයක් කරන්නැයි ඉරාකය ඉල්ලා සිටිය ද ඊට බාධා එල්ල විය. සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු බැබිලෝනියාව ඇමෙරිකන් හමුදා කඳවුරේ කොටසක් විය.

මානව ශිෂ්ටාචාරයේ වැදගත් ස්ථානයක් ලෙස බැබිලෝනියාව සැලකෙන බැවින් එය ආරක්ෂා කළ යුතු බව පෙන්වා දී එය ලෝක උරුමයක් ලෙස නම් කෙරුණු බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS