බැතිමතුන් වැඩිකරන්නේ නෑ



සෞදි අරාබියේ මක්කම නුවර හජ් වන්දනා කටයුතු සඳහා පැමිණෙන ඉන්දුනීසියානු බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි නොකරන බව හජ් සහ උම්රා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ඉන්දුනීසියානු බැතිමන්ගේ සංඛ්‍යාව වැඩිකරන ලෙස ඉන්දුනීසියානු ආගමික කටයුතු අමාත්‍ය, ලුක්මන් හකීම් සයිෆුඩින්සෞදි හජ් සහ උම්රා අමාත්‍ය, ආචාර්ය මොහොමඩ් සලේබෙන්ටෙන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එවැනි වැඩිකිරීමක් කළ නොහැකි බව සෞදි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

හජ් ආගමික වතාවත්වල නිරතවීම සඳහා වසර දහයක් ඇතුලත පුද්ගලයන් මිලියන 3.9ක් ලියාපදිංචි වී ඇති බව ඉන්දුනීසියානු අමාතවරයා සෞදිගැසට් වෙබ් අඩවියට පවසා ඇත.

2019 හජ් ආගමික වතාවත්වලට මක්කම නුවරට පැමිණෙන ඉන්දුනීසියානු බැතිමතුන් වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදිගැසට්)


RECOMMEND POSTS