බැතිමතුන් 7% කින් වැඩිවෙලා



හජ් වන්දානාවට පැමිණි බැතිමතුන්ගේ සංඛ්‍යාව පසුගිය වසරට (2017) සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව සෞදි විදේශ ගමන් බලපත්‍ර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගිය වසරට වඩා බැතිමතුන් 70,084ක් හජ් වන්දානාවට පැමිණ ඇති අතර පැමිණි මුළු සංඛ්‍යාව 1,141,138ක් වේ.

ගුවනින් 1,075,474ක්ද, ගොඩබිමින් 53,638ක්ද, මුහුදු මාර්ගයෙන් 12,026ක් පැමිණ ඇති බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

සෞදි පුවත් ඇසුරිනි


RECOMMEND POSTS