බැටළුවන් අපනයනට වැට



ඕස්ට්‍රේලියාවේ සිට නෞකාවකින් ඉතා අමානුෂික ආකාරයෙන් කුවේට් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග රටවලට බැටළුවන් ප්‍රවාහනය කරන ආකාරය දැක්වෙන් වීඩියෝවක් අන්තර්ජාලයට එක් කිරීම ටඕස්ට්‍රේලියානු සත්වවේදීන් පිරිසක් පසුගියදා කටයුතු කර තිබු අතර අදාල වීඩියෝව සැළකිල්ලට ගනිමින් බැටළුවන් ආපනයනය කිරීම තහනම් කරන ලෙස ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්පිරිසක් එරට රජයෙන් ඉල්ලා ඇති බව කුවේට් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

බැටළුවන් අපනයනය කිරීම ක්‍රමාණුකූලව නතර කිරීමට අවශ්‍ය නීතිරීති හඳුන්වාදීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රිනී, සුසාන් ලී කටයුතු කර ඇති අතර එය “දීර්ඝකාලීන බැටළුවන් අපනයන තහනම-2018’’ යනුවෙන් නම් කර ඇති බව වාර්තා වේ.

පළමු අදියරය ජුලි-සැප්තැම්බර් යන මාස ඇතුලතදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සුසාන් ලී ප්‍රකාශ කළාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS