බැග්ඩෑඩිගේ බිරිඳක් තුර්කි හමුදා අත්අඩංගුවේ



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ, හිටපු නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ බිරිඳක තම හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

ඇමෙරිකන් හමුදා අල් බැග්ඩෑඩි කොටු කර ගැනීමේ මෙහෙයුම සිදු කළේ පසුගිය 27 වැනිදාය. එම අවස්ථාවේදී, බැග්ඩෑඩි සැඟවී සිටියේ වයඹදිග සිරියාවේ නිවසකය. ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් සොල්දාදුවන් වට කර පහර දෙද්දී, අල් බැග්ඩෑඩි සිය බෝම්බ කබාය පුපුරුවා ගෙන මියගියේය.

එම මෙහෙයුමේදී බෝම්බ කබා පැළඳ සිටි බැග්ඩැඩිගේ බිරියන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීමට ඇමෙරිකන් සොල්දාදුවන්ට සිදුවුණු බව ද පැවැසිණි.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS