බැග්ඩෑඩිගේ පුතා මරුට



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ පුතා හුද්හෙෆා අල් බද්රි සිරියාවේ සටන් බිමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

අයි.එස්. සංවිධානයට අයත් ත්‍රස්තවාදීන්, දයේෂ් ත්‍රස්තවාදීන් යන නමින් ද හැඳින්වෙයි. සිරියානු රජයේ හමුදා, රුසියානු කමාන්ඩෝ භටයන් ද සමඟ එල්ල කළ ප්‍රහාරයකින් හුද්හෙෆා අල් බද්රි මියගිය බව පැවැසෙයි. ඒ, හොම්ස් පළාතේ, බලාගාරයක් අසලදීය.

හුද්හෙෆා අල් බද්රි පමණක් නොව, අයි.එස්. ත්‍රස්තවාදීන් බොහෝ දෙනකු ද එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ. අබු බකර් අල් බැග්ඩෑඩි යන නමින් හැඳින්වෙන අයි.එස්. නායකයාගේ සැබෑ නම වන්නේ ඊබ්‍රහීම් අවාද් අල් බද්රි යැයි ද පැවැසෙයි. මොහු සැඟවී සිටින ස්ථානය මෙතෙක් අනාවරණය වී නැත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS