බැග්ඩෑඩ් අගනුවරට රොකට් ප‍්‍රහාර



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර, ඇමෙරිකන් තානාපති කාර්යාලය ද ඇතුළු විදෙස් තානාපති කාර්යාල පිහිටා ඇති අධි ආරක්ෂිත කලාපයට රොකට් ප‍්‍රහාර දෙකක් එල්ල විය.

එම රොකට් පහර එල්ල වූයේ ‘ගී‍්‍රන්සෝන්’ හෙවත් හරිත කලාපයටය. රොකට් ප‍්‍රහාරවලින් කිසිවකුටත් අනතුරක් සිදුවුණු බවක් වාර්තා වී නැත. ප‍්‍රහාරය ඉරාන හමුදාව එල්ල කරන්න ඇතැයි සැක පළ කෙරුණ ද ප‍්‍රහාරයේ වගකීම ඉරාන බාර ගෙන නැතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

බැග්ඩෑඩයට මෙම ප‍්‍රහාරය එල්ල වූයේ, ඉරාන හමුදාව, ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කරගනිමින් මිසයිල ප‍්‍රහාර එල්ල කර පැය 24 ක් ගත වීමට පෙරය.

බැග්ඩෑඞ් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS