බැග්ඩෑඞ් නුවර බෝම්බ පිපිරේ



ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර මරාගෙන මැරෙන බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 24 කි.

ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. බෝම්බ ප්‍රහාර එල්ල වූයේ බැග්ඩෑඞ් නගර මධ්‍යයේ ටයරාන් චතුරස්‍රය අසල යැයි ද පැවැසෙයි.

2014 වසරේ සිට පසුගිය 2017 වසර තෙක් කාලයේ ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන්ය. කෙසේ නමුත් අයි.එස්. ත්‍රස්තයන් පරාජය කිරීමට තමන් සමත් වුණු බව ඉරාක හමුදාව ඉකුත් දෙසැම්බරයේ නිවේදනය කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS