බැංකු සේවකයන්ට රැවටෙන්න එපා



බැංකු සේවකයන් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික තොරතුරු ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇත.

කිසියම් පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයක් නමින් පෞද්ගලික තොරතුරු ඉල්ලා කෙටි පණිවිඩ, විද්‍යුත් ලිපි සහ සමාජ ජාල පණිවිඩ ලැබෙන සෑම අවස්ථාවකදී වඩාත් සැළකිළිමත් වන ලෙස සාජා පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

සමාජ ජාල ගිණුම් උපයෝගි කරගනිමින් ජනතාවගේ පෞද්ගලික සහ බැංකු ගිණුම්වලට අදාල රහස්‍ය තොරතුරු ලබාගැනීමට වංචනික පුද්ගලයින් උත්සහ කරන බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

කිසිදු සොයා බැලීමකින් තොරව පෞද්ගලික සහ රහස්‍ය තොරතුරු නොදන්නා පුද්ගලයන්ට ලබා නොදෙන ලෙසද පොලීසිය ඉල්ලීමක් කළේ ය.

මුලින් එවනු ලබන පණිවිඩය:

“හිතවත් පාරිභෝගිකය, 2019 වර්ෂයේදි ඔබගේ ස්ව්‍යංක්‍රීය ටෙලර් කාඩ්පත් යාවත්කාලීන නොකළ නිසා තාවකාලිකව අත්හිටුවා ඇත.

ඔබගේ කාඩ්පත නිසියාකාරව යාවත්කාලීන කරගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන්න.

0589065238 හෝ 0522633476

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS